සාද පවත්වන මුවාවෙන් දකුණේ අලුත් මත් ජාවාරමක්

Friday, 27 April 2018 - 12:51

%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ප්‍රියසම්භාෂන සහ සාද සදහා භාවිතා කරන ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුනොවු බ්ලැක් මැන්ඩි නැමති මත්ද්‍රව්‍ය සමග ඔස්ටි‍්‍රයානු ජාතිකයෙකු සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල ප්‍රදේශයේ ලැගුම්හලක් තුලදි අත්අඩංගුවට ගත් මෙම 36 හැවිරිදි ඔස්ටි‍්‍රයානු ජාතිකයා දකුණු පලාතේ සහ පොතුවිල් ප්‍රදේශයේ මෙවැනි රාත්‍රී සාද සංවිධානය කර ඇති බවයි එහි විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී. එන්. හේමන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

විදේශිකයා සතු බ්ලැක් මැන්ඩි මත්ද්‍රව්‍ය වර්ගයෙන් ග්‍රෑම් 82 ක් සුරාබදු නිලධාරින් සොයා ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 12 ක්.

මෙම මත්ද්‍රව්‍ය විශේෂය යමෙකු අධි මාත්‍රාවෙන් ලබා ගත් විට සිහිවිකල් තත්ත්වයට පත්වන බවද ඔහු කියා සිටියා.

මෙම විදේශිකයා සමග අදාල ලැගුම් හලේ සිටි තවත් ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකුද හෂිස් නැමති මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී හෂීස් ග්‍රෑම් 241 ක් සොයා ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරක්.

මොවුන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන මස 04 වනදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කරනු ලැබුවා.