තේ සහ රබර් සඳහා පැවති ග්ලයිෆොසේට් තහනම ඉවතට

Wednesday, 02 May 2018 - 14:27

%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%9C%E0%B7%83%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා.

කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

2015 වසරේ සිට ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණා.

මේ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේ  මෙම තීන්දුව හොර රහසේ ගත් තීන්දුවක් බවයි.

ඒ පිළිබඳව තමන් වහන්සේ කණගාටුව පළ කරන බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියා.