රංජන් සිල්වා ඝාතන සිද්ධිය ගැන, වැඩිමහල් පුත්‍රයාගේ ප්‍රකාශ ඔස්සේ විමර්ශන ඇරඹේ

Saturday, 26 May 2018 - 13:30

%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ධනංජයගේ වැඩිමහල් සොහොයුරා වන සවිත්‍ර ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගල්කිස්ස පොලීසියේ කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහු ඊයේ (25) මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශ ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රාශියක් දැනටමත් අනාවරණ වී ඇති අතර, ඊට අදාළව කණ්ඩායම් කිහිපයක් ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.  

ඝාතනය සිදුකර පළා ගිය පුද්ගලයින් සොයා මේ වන විට සී.සී.ටී.වී දර්ශනවලින් තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වාගේ දේහය ඊයේ රාත්‍රියේ රත්මලානේ පිහිටි ඔහුගේ නිවස වෙත ගෙනවිත් තිබුණා.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ පෙරේදා රාත්‍රීයේයි.

ඒ සඳහා ටී - 56 වර්ගයේ ගිනි අවි යොදාගෙන තිබූ අතර, ධනංජයගේ පියාගේ සිරුරේ වෙඩි පහර 12 ක් සලකුණු වී තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට කිසියම් පාතාල කල්ලියක් සම්බන්ධ බවට ද පොලීසිය සැක කරනවා.

කෙසේ වෙතත්, ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධනංජයගේ සොහොයුරු සවිත්‍ර ද සිල්වා පාතාල සාමාජිකයෙකුගේ නමක් සදහන් කළ ද, එවැනි ප්‍රකාශයක් ඔහු පොලීසියට කළ පළමු පැමිණිල්ලේ සදහන්ව නොමැති බවයි පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.