දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක ගින්නක්

Friday, 08 June 2018 - 14:00

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 19.5 සහ 19.4 අතර ප්‍රදේශයේදී ලොරියක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

අද දහවල් 12.10 ට පමණ කඩවත සිට මාතර දෙසට ගමන් ගත් රෙදි පිළි ප්‍රවාහනය කළ ලොරියක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ගින්නෙන් ලොරියේ ගමන් කළ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර රෙදිපිළි තොගය සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.

මිල්ලනිය පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී ගින්න සිදුව ඇති අතර ගැලිනිගම පිවිසුමේ පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් එය මැඩපවත්වා තිබෙනවා.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.