ඉන්ෆ්ලුවෙන්සා දිවයින පුරා පැතිර යාමේ අවදානමක්

Saturday, 09 June 2018 - 13:56

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දකුණු පළාත තුළ පැතිර යන වෛරස් රෝගය සෙසු පළාත්වලටද පැතිර යාමේ අවදානම තවදුරටත් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලින්ද මෙම රෝගීන් දැනට වාර්තාවී ඇති බවයි.

මේ අතර, දකුණු පළාත පුරා පැතිරී යන වෛරස් රෝගය මේ වනවිට පාලනය කර ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළා.

මේ මස අවසන් වනවිට එය මුළුමනින්ම පාලනය කළ හැකි බවටයි ඔහු විශ්වාසය පළ කළේ.