ළමා ආරක්ෂක අධිකාරියේදී මවක් වස බොයි

Wednesday, 13 June 2018 - 7:51

%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BA%E0%B7%92
තම දරුවා මුහුණ දෙන ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේදී වස පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සහ කළ මවක්, ඊයේ (12) පස්වරුවේ රෝහල් ගත කර තිබෙනවා.

දැනට පරිවාස භාරයේ සිටින තම පුතුට සිදුවන හිරිහැර පිළිබඳ පැමිණිලි කර තිබුණ ද ඊට අධිකාරියෙන් ප්‍රතිචාරයක් නොමැති බව පවසමින් ඇය සියදිවි හානි කර ගැනීිමට උත්සහ කර ඇති බවයි එම අධිකාරියේ  ප්‍රකාශකයෙකු කියා සිටියේ.

24 හැවිරිදි මෙම මව වස පානය කිරිමෙන් අනතුරුව ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින් ඇයව පළමුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එච්.එම්. අබේරත්නගෙන් මේ පිළිබද අප කළ විමසීමකදී කියා සිටියේ වස පානය කළ මෙම කාන්තාව කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් 24 හැවිරිදි කාන්තාව ජයවර්ධනපුර රෝහලේ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශිකාව කියා සිටියේ.