තරුණියකගේ සැක කටයුතු මරණයක් පිළිබඳ පරීක්ෂණ

Wednesday, 13 June 2018 - 17:42

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
ඇල්පිටිය ඌරගහ ප්‍රදේශයේදී තරුණියකගේ සැක කටයුතු මරණයක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණියක්.

ඊයේ සවස සිය සේවය අවසන් වී මෙම තරුණිය නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් සොයා බලා තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ අනතුරකට ලක්වීමෙන් අදාළ තරුණිය බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි.

මෙම තරුණිය රෝහලට ඇතුලත් කර ඇත්තේ වෑන් රථයකින් පැමිණි තරුණයෙක් වන අතර එම වෑන් රථයේ ලියාපදිංචි අංකය රොහලේ ආරක්ෂක නිලධාරීන් විසින් සටහන් කරගෙන තිබුනා.

ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිිරීමෙන් පසු එම පුද්ගලයා වෑන් රථයෙන්ම පළාගොස් තිබෙනවා.

සිදු කළ විමර්ශණයේදී සැකකරුගේ නිවසේ තිබි  වෑන් රථය සොයාගෙන තිබෙනවා.

සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සැකකරු සහ මෙම තරුණිය අතර කලක පටන් ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර එම තරුණයා විවාහකයෙකු බව දැනගැනීමෙන් පසු තරුණිය එම සබඳතාව නතර කර ඇතැයි සඳහන්.

ඒ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත ඝාතනය සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

කෙසේවෙතත් මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිතයි.

ඌරගස්මංහන්දිය පොලිසිය විමර්ශණ මෙහෙයනවා.