කෙරවලපිටියේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල් යයි

Monday, 02 July 2018 - 16:14

%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කෙරවලපිටිය ස්වාභාවික වායු විදුලි බලගාරය ඉදිකිරිමේ ටෙන්ඩරය විදේශීය සමාගමකට ලබාදීම සඳහා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට එරෙහි පෙත්සම සලකා බැලිම ලබන 11 වන දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීන්දු කළා.

පෞද්ගලික සමාගමක් විසින් පෙත්සම ගොනු කර තිබුණේ අදාල ටෙන්ඩරය දේශීය සමාගමකට ලබා නොදී චීන සමාගමකට පැවරීමට විදුලිබල සහ පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිය කැබිනට් පත්‍රිකාව මගින් කටයුතු කර ඇති බවට චෝදනා කරමින්.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නිතිඥවරයා ඒ සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශවයෙන් උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීමට දින ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල එම නඩුව කැදවීම ලබන 11 වනදා දක්වා කල් තැබීමටයි නියෝග කලේ.