කතුරකින් ඇන ප්‍රියානි ජයසිංහව ඝාතනය කර ඇති බවට හෙළිවෙයි - සැකකාර සැමියා පලාගින්

Monday, 09 July 2018 - 9:10

%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

පානදුර - කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ඇය ඊයේ (08) රාත්‍රි 8.45 ට පමණ සැමියා විසින් ඝාතනය කොට ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

ස්වාමි පුරුෂයා මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර, දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිතර නිතර ගැටුම් ඇතිව තිබෙන බවට අනාවරණ වී තිබෙනවා.

පලාගිය ස්වාමිපුරුෂයා සොයා මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.