තායි ලෙන තුළ සිරවූ ළමුන් 08 දෙනෙකු මුදා ගැනේ

Monday, 09 July 2018 - 18:20

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+08+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
තායිලන්තයේ චියං රායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන තුළ සිර වූ 12 දෙනාගෙන් ළමුන් 08 දෙනෙකු මේ වනවිට කිමිදුම්කරුවන් විසින් මුදාගෙන තිබෙනවා.

යොවුන් පාපන්දු කණ්ඩායමක ළමයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු පසුගිය ජුනි 23 වන දා සිට ලෙන තුළ සිර වී සිටින්නේ ඔවුන් ඊට ඇතුළු වූ පසු ලෙන තුළට ජලය ගලා ඒම හේතුවෙන්.

බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් 50 දෙනෙකු සහ තායිලන්ත කිමිදුම්කරුවන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ ආරම්භ කළ කඩිනම් මුදා ගැනීමේ මෙහෙයුමේදී ළමයින් 4 දෙනෙකු මුදා ගැනුණා.

ඔක්සිජන් ඇතුළු සැපයුම් යථා තත්ත්වයට පත් වන තුරු ඊයේ මෙහෙයුම තාවකාලිකව නතර කළ අතර, අද උදෑසන එය යළි ආරම්භ කෙරුණේ ඊයේ රාත්‍රියේ ඇද හැලූණු වර්ෂාව ද නොතකමින්.