හමුදා කෝප්‍රල්වරයාට වෙඩි තැබූ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට

Thursday, 12 July 2018 - 9:21

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රත්මලාන - චක්කින්දාරාම පාරේදී යුද හමුදා කෝප්‍රල්වරයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

යුද හමුදා ලූතිනන් කර්නල්වරියකට අයත් නිවසකට පසුගිය 25 වනදා එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු තුවාල ලැබුවා.

ඔහු අදාළ යුද හමුදා නිලධාරිනියගේ රියදුරා වන අතර, වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය ආසන්නයේ සිටියදියි.

අත්අඩංගුවට ගත් සැකකරුට අයත් හෝකන්දර ප්‍රදේශයේ පිහිටි රථවාහන සේවා සපයන මධ්‍යස්ථානයක තිබී ටී 56 ගිනි අවියක් සහ එම උණ්ඩ 14 ක් සොයාගෙන තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ සැකකරු සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාවක් යුද හමුදා කෝප්‍රල්වරයා සමඟද සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

එය අනාවරණ වීමෙන් පසු ඇතිවූ කෝපය නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටද හෙළිවී තිබෙනවා.