ඥාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීමේ තීන්දුව අනිද්දා

Wednesday, 29 August 2018 - 11:26

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදුන් බරපතල වැඩ සහිත සිරදඩුවම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලීම අනිද්දා (31) සිදුකරන බව අභියාචනාධිකරණය අද (29) ප්‍රකාශ කළා.

ඒ අභියාචනාධිකරණයේ සභාපති පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ උන්වහන්සේගේ නීිතිඥයින් අද (29) කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගියදා අභියාචනාධිකරණය බරපතල වැඩ සහිත වසර 6 ක සිරදඩුවමක් නියම කෙරුණා.  

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් එහිදී කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයාට එරෙහිව දුන් තීන්දුවේ ඇති නීති ගැටලු 3 ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් එම කරුණු ඇතුළත් ලේඛනය මුද්‍රණය කිරීමට නොහැකි වූ බව ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම ලේඛනය මෝසමක් මගින් අද දිනය තුළ අධිකරණය හමුවේ ගොණුකරන බවයි.

ඒ අනුව අදාළ ඉල්ලීම එළැඹෙන සිකුරාදා සලකා බලන බව සඳහන් කළ අභියාචනාධිකරණය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට නියෝග කළේ එදිනට කරුණු දක්වන ලෙසයි.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබාදිම පිළිබඳව සැලකිල්ලට ගතහැක්කේ දඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනයේ තීන්දුවෙන් පසුව බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.