මහරගම නගර සභාවේ සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වෙයි

Friday, 07 September 2018 - 10:52

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහරගම නගර සභාවේ සභාපතිවරයා නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් 04 දෙනෙකුට පහරදීමට විරෝධය පළ කරමින් නගර සභාවේ සියලූම සේවකයින් මේ වනවිට රාජකාරීවලින් ඉවත් වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ විදුලි සේවකයින් පන්නිපිටිය බෝගහ අසල වෙළඳසැලක සිටි අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් ඔවුන්ව නගර සභාවට කැඳවාගෙන ගොස් ඇති බව සඳහන්.

පසුව රාජකාරී වේලාවේ බීමත්ව සිටි බව පවසමින් දණ ගස්වා තමන්ට පහරදුන් බවයි එම සේවකයින් කියා සිටියේ.

මේ වනවිට පහරකෑමට ලක්වූ නගර සභාවේ විදුලි සේවකයින් 04 දෙනා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අප මේ සම්බන්ධයෙන් චෝදනාව එල්ල වන මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන්ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ තමන් සේවකයින්ට අවවාදයක් පමණක් සිදුකළ බවයි.

කෙසේ වෙතත්, සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ නගර සභාවේ සියලූම සේවකයින් රාජකාරීයෙන් ඉවත්ව සිටි අතර, එම ස්ථානයට පැමිණි මහරගම නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී දේවානන්ද සුරවීර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සේවකයින්ට පහරදුන් සභාපතිවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන්, තම කාර්යාලයේ ‘‘සර්’’ යන නාමයෙන් තමා අමතන්නැයි දැන්වූ නිවේදනයක් අලවා තිබීම හේතුවෙන් ද පසුගියදා දැඩි කතාබහට ලක්වුණා.