කොළඹ - බ්‍රේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක් (ඡායාරූප)

Friday, 07 September 2018 - 15:12

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B6%E0%B7%B2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොළඹ - බ්‍රේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක අද පස්වරුවේ ගින්නක් හට ගත්තා.

පැයකට අධික කාලයක් පැවති ගින්න ගිනි නිවීමේ රථ 9ක් යොදා මැඩ පැවැත්වූ බවයි කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගින්න, ඒ අසල තිබූ තවත් කාර්යාල ගොඩනැගිල්ලකට ද ව්‍යාප්ත වෙමින් පැවති අතර එය ද ගිනි නිවීමේ සේවා නිලධාරීන් මැදිහත්ව මැඩ පවත්වනු ලැබුවා.

මෙම ගින්න හේතුවෙන් සුළු තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර, මහවැලි ගෙඟ් සේරුනුවර - නීලපොළ වැලිතොටුපළ අසළ නවතා තිබූ බෝට්ටු 35ක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව සේරුනුවර පොලීසිය එම ස්ථානයට ළඟා වන විටත් අදාළ යාත්‍රා වලට දැඩි හානි සිදුව තිබූ බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.