STF දැලට හසු වූ වැලි ජාවාරම

Monday, 01 October 2018 - 21:46

STF+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8
බලපත්‍ර නීතී උල්ලංඝනය කරමින් මහියංගනය ප්‍රදේශයෙන් මහවැලි ගඟේ වැලි පැටවූ ට්‍රැක්ටර් 10 ක් සමඟ පුද්ගලයන් 11 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද මහියංගනය පොලීසියට භාර දුන් බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට කොළඹ වරාය දක්වා කන්ටේනරයකින්  ප්‍රවාහනය කරමින් සිටි කසළ තේ කිලෝග්‍රෑම් 18000 කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසය මඟින් මොරටුව ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා.