පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මීගමුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ නිසා මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි අතර ඒ පිළිබදව නාවික හා ධීවර ප්‍රජාව සැලකිලිමත් වන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියා.
මේ අතර, පුත්තලම, ආනමඩුව, ආදිගම සහ මදවක්කුලම යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ හමා ගිය තද සුළඟකින් නිවාස 100කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුවී තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ අධික වැසිත් සමඟ මෙම සුළං ඇති වූ බවයි.
මේ හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග කිහිපයක ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ අතර, විදුලි රැහැන්වලට ද හානි සිදුවුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පස්වරු කාලයේදීත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

Follow US
Most Viewed Stories