DIG නාලක ද සිල්වාට සහ නාමල් කුමාරට අධිකරණ නියෝගයක්

Friday, 05 October 2018 - 13:32

DIG+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට, ලබන 8 වැනිදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ, ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ඝාතන සැලසුමක් තිබූ බවට නාමල් කුමාර සිදුකළ අනාවරණයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම් සලකා බලමින්.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙය ඉතා සංකීර්ණ නඩු කටයුත්තක් බවයි.

ඒ හේතුවෙන් සිදුකෙරෙන විමර්ශනයේදී නාලක ද සිල්වා සහ නාමල් කුමාර යම් හෙයකින් විදේශ ගතවුවහොත් විමර්ශනවලට දැඩි බාධාවක් එල්ල වන බව ඔවුන් සඳහන් කළා.

එබැවින් ඔවුන් දෙදෙනාට විදේශ ගමන් තහනමක් පනවන ලෙස කරන ලද ඉල්ලීම සලකා බලමිනුයි නාලක ද සිල්වාට සහ නාමල් කුමාරට ලබන 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කළේ.

නාමල් කුමාර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ හඬ පට සම්බන්ධයෙන් වන වාර්තාව ලබන අඟහරුවාදා හෝ බදාදා අධිකරණයට ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මෙහිදී කියසිටියා.

එමෙන්ම, මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රාජකාරී කරන සමයේ කළ ඉල්ලීමකට අනුව එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි දෙකක් ත්‍රස්ත විමර්ශන ඒකකයට නිකුත් කර ඇති බවයි.

අදාළ ගිනි අවි දෙක සැප්තැම්බර් මස 04 වැනිදා නාලක ද සිල්වාගේ උපදෙස් මත ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකුට නිකුත් කර ඇති බවත්, පසුව ඒවා සැප්තැම්බර් මස 06 වැනිදා භාර දී ඇති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, පොලිස් රෙගුලාසි අනුව ගිනි අවි ලබාගැනීමේදී ඒවා ලබාගන්නේ කුමන කාරණයටද සහ ඒවා යළි භාරදීමේදී ඒවා පාවිච්චි කළේද යන්න පිළිබඳව සටහන් තැබිය යුතු වූවත්, මෙම අවස්ථාවේදී එලෙස සටහන් තබා නොමැති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ.

එබැවින් අදාළ ගිනි අවි භාවිත කළේද නැද්ද යන්න සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි මෙහිදී ඔහු ඉල්ලා සිටියා.

ඊට අධිකරණයේ අවසර හිමිවුණා.

මේ අතර, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදීමට රජයට නොහැකි වී ඇති බවයි.

එසේම තමන් සිදුකළ හෙලිදරව්වෙන් අනතුරුව රැකියාව අහිමි වීම නිසා ආර්ථික ගැටළු මතු වී ඇති බවද ඔහු සඳහන් කරන අතර, ඒ සඳහා නාමල් කුමාර මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විසඳුමක් අපේක්ෂා කරනවා.



ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිතයි - මැතිවරණ කොමිසම කියයි
Monday, 03 August 2020 - 19:56

එක්කෝටි හැට දෙලක්ෂයකට අධික ලියාපදිංචි ඡන්දායකයන් සඳහා ඡුන්දය... Read More

රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට - ඇප ඉල්ලීමටත් විරෝධය
Monday, 03 August 2020 - 19:46

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

අවසන් රන්දෝලි පෙරහර අදයි
Monday, 03 August 2020 - 19:33

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාළිඟාවේ ඇසල පෙරහර මංගල්‍යයේ... Read More