ජංගම දුරකථන නිදි යහනේ තබා ගැනීමෙන් ස්නායු ආබාධ සහ පිළිකා අවදානම්

Saturday, 06 October 2018 - 7:28

%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%BA%E0%B7%84%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
රාත්‍රී කාලයේ නිදන කාමර තුළදී තමන් අසළ ජංගම  දුරකථන තබා ගැනීම මොළයට මෙන්ම ස්නායු පද්ධතියට හානි ඇති විය හැකි බැවින් රාත්‍රී නින්දට පෙර ඒවා ක්‍රියාවිරහිත කර හෝ ඉවත් කර තබන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විද්‍යුත් චුම්බක තරංගවලට ඒවා නිරන්තරයෙන් නිරාවරණයවීම තුළින් පිළිකා ඇතිවීමේ අවදානමක් ද පැවතිය හැකි බවයි.

එසේම ජංගම දුරකථන කනට ලං කර භාවිත කරනවාට වඩා ‘‘හැන්ඩ්ස් - ෆ‍්‍රී’’ හෙවත් ශ්‍රවණ උපකරණ යොදා භාවිත කිරීම වඩාත් සුදුසු බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය සඳහන් කළේ.