Update - නාලක ද සිල්වාට සහ නාමල් කුමාරට විදෙස් ගමන් තහනමක්

Monday, 08 October 2018 - 10:31

Update+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට විදෙස් ගතවීම වලක්වාමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (08) නියෝගයක් නිකුත් කළා.

ඒ අධිකරණ නියෝගයකට අනුව මොවුන් දෙදෙනාට අද (08)  දිනයේ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදීයි.

එමෙන්ම මොවුන් දෙදෙනාගේ කට හඩ පරීක්ෂණ වාර්තා කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය රජයේ රස පරීක්ෂක වෙත නියෝග කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැළැස්මක් පිළිබඳව නාමල් කුමාර සිදු කළ අනාවරණයට අනුව අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

ඒ අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේම නීතිඥවරුන් දැනුම් දුන්නේ විමර්ශණ කටයුතු සඳහා සහයෝගය ලබාදෙන බවයි.

මෙම නඩුව මේ මස 23 වනදා යළි කැදවනු ඇති. 


Update :- Monday, October 8, 2018 10.56 am
--------------------------------------------------------

නාලක සහ නාමල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.








හරි තීන්දුව ගන්න අපිත් සමඟ අත්වැල් බැඳගන්න - අගමැති (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:15

හැටනව ලක්ෂයක පිරිසක් අනුමත කළ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට... Read More

ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිතයි - මැතිවරණ කොමිසම කියයි (වීඩියෝ)
Monday, 03 August 2020 - 19:56

එක්කෝටි හැට දෙලක්ෂයකට අධික ලියාපදිංචි ඡන්දායකයන් සඳහා ඡුන්දය... Read More

රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට - ඇප ඉල්ලීමටත් විරෝධය
Monday, 03 August 2020 - 19:46

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More