ගෝඨාභයගෙන් සී.අයි.ඩී.යට ප්‍රකාශයක්

Saturday, 13 October 2018 - 12:51

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගත්තා.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ තමන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තම ජීවිතයට එල්ලවී ඇති බව කියන තර්ජනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඔහු විසින් පසුගියදා සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

ඊයේ පෙරවරු 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් එම ප්‍රකාශය සටහන් කරගනු ලැබුවා.

 දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පසුගිය මස 12 වනදා මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තමන් සමග පැවැත්වූ බව කියන දුරකථන සංවාදයක හඬ පටය මාධ්‍ය වෙත මුදා හැරියා.

එමඟින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අනතුරක් සිදු කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්ද කරුණු අනාවරණ වුණා.

ඉන් අනතුරුවයි මේ සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවේ. 


බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More

මැතිවරණ සටන සමගි ජන බලවේගය සහ පොහොට්ටුව අතර පමණයි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:43

මේ අතර සමගි ජන බලවේගය සංවිධානය කළ අවසන් ජනහමුව ඊයේ පස්වරුවේ... Read More