වැසි වැඩිවේ

Tuesday, 23 October 2018 - 12:53

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බෙංගාල බොක්ක - ගිනිකොණ දිග ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹීම් ස්වභාවය මීට හේතුවී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.  

මේ අතර, හබරන - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය මින්නේරිය - 7 කණුව ප්‍රදේශයෙන් ගිලා බැසීමකට ලක්ව ඇති බව වාර්තා වුණා.

මේ හේතුවෙන් එහි ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ (22) රාත්‍රියේ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමඟ 7 කණුව - රිලා වංගුව ප්‍රදේශයෙන් මෙලෙස මාර්ගය ගිලා බැසි ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.

එමෙන්ම, නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පස් කන්දක් කඩා වැටීමත් සමඟ තලවකැළේ - ඩෙස්පොට් හරහා නුවරඑළිය දක්වා දිවෙන ඒ - 7 මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

මේ වන විට එම පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මගින් සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මාතලේ, කුරුණෑගල සහ නුවර දිස්ත්‍රික්කවලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නාය යාම් සම්බන්ධයෙන් ඉදිරි පැය 24 තුළ විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.

එමෙන්ම පවතින වර්ෂාවත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ දැඩි මීදුම් තත්ත්වයක් ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.



දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More

අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More