රවීගේ නිවසට ඉහළින් ඩ්‍රෝන යැවූ දෙදෙනෙකු පොලිස් භාරයට

Friday, 26 October 2018 - 13:26

%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝගත කළ බව කියන සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තලංගම පොලිසිය සඳහන් කළේ පෞද්ගලික දැන්වීම් නිර්මාණය කිරීමේ ආයතනයක සේවකයෙකු සහ ඩ්‍රෝන කැමරාකරුවෙකු මෙලෙස පොලිස් භාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැරි බවයි.

මන්ත්‍රීවරයාගේ නිවස අසල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තු භූමිය මෙලෙස වීඩියෝගත කළ බව මොවුන් පොලිසියට සඳහන් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ වැඩසටහනකට අදාළව මෙම වීඩියෝගත කිරීම සිදුකළ බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

තම නිවස පෞද්ගලික මාධ්‍ය ආයතනයක් විසින් වීඩියෝගත කළ බව රවී කරුණානායක මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් යොමුකරමින් ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඉන් අනතුරුවයි සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළේ.

ඊට අදාළව පොලීසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.


රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට - ඇප ඉල්ලීමටත් විරෝධය
Monday, 03 August 2020 - 19:46

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

අවසන් රන්දෝලි පෙරහර අදයි
Monday, 03 August 2020 - 19:33

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාළිඟාවේ ඇසල පෙරහර මංගල්‍යයේ... Read More

අංගොඩ ලොක්කා මිය ගිය බවට ඉන්දියාවෙන් නිළ වාර්තා නැහැ
Monday, 03 August 2020 - 19:29

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජීවිතක්ෂයට... Read More