ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය ගැන 89 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී

Friday, 26 October 2018 - 16:47

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+89+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළව පුද්ගලයින් 89 දෙනෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අතර, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 47 දෙනෙක් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කොළඹ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

එමෙන්ම මෙම පරික්ෂණය හඬපට මත පදනම්ව පමණක්ව සිදු වුවක් නොවන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ලබා ගත් ප්‍රකාශ වල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිමේ සැලැස්මක් පිළිබඳව තොරතුරු අනාවරණය නොවුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මෙහිදී කියා සිටියේ.

ඔහු කියා සිටියේ නාමල් කුමාරගේ නිවසේ සිට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා මානසික විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුල්ලේරියාව රෝහල වෙත යොමුකළ බවයි.  




අවසන් රන්දෝලි පෙරහර අදයි
Monday, 03 August 2020 - 19:33

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාළිඟාවේ ඇසල පෙරහර මංගල්‍යයේ... Read More

අංගොඩ ලොක්කා මිය ගිය බවට ඉන්දියාවෙන් නිළ වාර්තා නැහැ
Monday, 03 August 2020 - 19:29

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජීවිතක්ෂයට... Read More

හැත්තෑව දශකයේ ආන්දෝලනාත්මක චරිතය මරුසිරා ගේ ආදරණීය බිරිඳ රන්මැණිකා ජීවිතයෙන් සමුගනී (වීඩියෝ)
Monday, 03 August 2020 - 18:50

හැත්තෑව දශකයේදී මුළු රටේම ආන්දෝලනාත්මක පුවත් මැවූ මරුසිරා... Read More