බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් - අද සිට පළාත් කිහිපයකට වැසි වැඩිවන ලකුණු

Monday, 05 November 2018 - 6:30

%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින හරහා මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් දිවයිනේ  නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් අද (05) රාත්‍රියේ සිට බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද  (05) උදෑසන  05.30 ට නිකුත් කළ නිවේදනයේ දක්වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ නැගෙනහිර, උතුරු මැද, දකුණු සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

සෙසු පළාත්වල පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වලත්, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට  මිලිමීටර් 100ත් 150ත්  පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බවද දැනුම් දෙනවා.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මහජනතාවට දැනුම් දෙනවා.




බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More

මැතිවරණ සටන සමගි ජන බලවේගය සහ පොහොට්ටුව අතර පමණයි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:43

මේ අතර සමගි ජන බලවේගය සංවිධානය කළ අවසන් ජනහමුව ඊයේ පස්වරුවේ... Read More