ඊශ්‍රායලයේ සරණාගතභාවය පැතූ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 13 November 2018 - 9:23

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සංචාරක වීසා මත පැමිණ ඊශ්‍රායලයේ සරණාගතභාවය පැතූ ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු සති දෙකක කාලයක් තිස්සේ එරට බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වනවා.

ටෙල් - අවීව් නුවර බෙන් ගූරියන් ගුවන් තොටුපළෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ මොවුන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සඳහන්.

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස ඊශ්‍රායලයේ යහලොම් ප්‍රදේශයේ රැදවුම් කඳවුරකට රැගෙන ගොස් ඇති අතර, එහි ඊශ්‍රායල රජයේ බලපවත්වන නීතිය ක්‍රියාත්මක නොවීම විශේෂත්වයක්.

ඒ අනුව  ඔවුන් අධිකරන විභාගයකින් තොරව රදවා තබා ගැනීමට අවසර ලැබෙන බවයි ජෙරුසෙලම් පෝස්ට් පුවත්පත සඳහන් කළේ.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊශ්‍රායල බලධාරීන් වෙත පවසා ඇත්තේ තමන් සිය රට තුළ දී තර්ජනවලට ලක්වන බවයි.

මේ අතර, සිය 23 හැවිරිදි බිරිඳ සහ ඇයගේ අනියම් පෙම්වතා ඇසිඩ් ප්‍රහාරයකින් ඝාතනය කළ 30 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු සාජා හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2017 වසරේ දෙසැම්බරයේදී මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර, සැකකාර ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටව යාමට උත්සාහ කිරීමේදීයි. දැන් ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබෙනවා.

සිය බිරිඳ සමඟ සාජා හි රැකියාවක නිරතව සිටියදී ඔහු ශ්‍රී ලංකාවේ සිය පවුලේ කටයුත්තක් සඳහා දින 20කට මෙරටට පැමිණ ඇති අතර, ඒ අතරතුර බිරිඳ වෙනත් තරුණයෙකු සමඟ සබඳතා පවත්වන බව දැනගෙන ඇත්තේ ෆේස්බුක් හරහායි.

පසුව හදිසියේම සාජා වෙත ගිය ඔහු ඔවුන් එක්ව සිටිනු දැක ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඔවුන් දෙදෙනාම රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා. 


ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිතයි - මැතිවරණ කොමිසම කියයි
Monday, 03 August 2020 - 19:56

එක්කෝටි හැට දෙලක්ෂයකට අධික ලියාපදිංචි ඡන්දායකයන් සඳහා ඡුන්දය... Read More

රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට - ඇප ඉල්ලීමටත් විරෝධය
Monday, 03 August 2020 - 19:46

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

අවසන් රන්දෝලි පෙරහර අදයි
Monday, 03 August 2020 - 19:33

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාළිඟාවේ ඇසල පෙරහර මංගල්‍යයේ... Read More