හිටපු DIG නාලක යළි රිමාන්ඩ්

Wednesday, 21 November 2018 - 14:29

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+DIG++%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92++%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයාද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ.

එමෙන්ම මීළඟ නඩු දිනයේදී හිටපු නියෝජ්‍ය  පොලිස්පති නාලක ද සිල්වාට ඇප ලබාදීමේ බලයක්, මහේස්ත්‍රාත් අධිකරණයට පවතීද යන්න සම්බන්ධයෙන්ද තීරණයක් ලබාදීමට නියමිතයි.








බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More

මැතිවරණ සටන සමගි ජන බලවේගය සහ පොහොට්ටුව අතර පමණයි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:43

මේ අතර සමගි ජන බලවේගය සංවිධානය කළ අවසන් ජනහමුව ඊයේ පස්වරුවේ... Read More