ඔබේ ජංගම දුරකථනයත් සොරකම් කළාද ? නැති වුනාද ?

Tuesday, 11 December 2018 - 11:48

%E0%B6%94%E0%B6%B6%E0%B7%9A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E0%B6%AF+%3F+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%AF+%3F
ජංගම දුරකථනයක් අස්ථානගත වූ විට හෝ සොරකම් කළ විට පැමිණිලි කළ හැකි නව වෙබ් අඩවියක් පොලීසිය අද (11) හඳුන්වා දුන්නා.

www.ineed.police.lk නැමැති එම වෙබ් අඩවිය පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් අද පෙරවරුවේ දියත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙම වෙබ් අඩවියට ජංගම දුරකථන අස්ථානගතවීම සහ සොරකම් කිරීම පිළිබදව ක්ෂණිකව පැමිණිලි කළ හැකියි.

ඉන් පසුව එම පැමිණිලි අදාළ අංශ වෙත යොමු කර කඩිනම් පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.