අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය - ඉන්ධන මිල සූත්‍රය යළි එයි

Thursday, 20 December 2018 - 19:11

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
කැබිනට් අනුමැතිය හිමි වු නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි. දිවුරුම් දිමෙන් අනතුරුව අද දින අමාත්‍ය මණ්ඩලය රැස්වුයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

එය මිනිත්තු 20 කට පමණක් සිමා වී තිබෙනවා.

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු ලබන වසරේ ජනවාරි මස 01 වනදා සිට රාජ්‍ය ගෙවීම් සියල්ල අඛන්ඩව සිදුකළ හැකියි.

මේ අතර, අද දිවුරුම් දීමෙන් අනතුරුව ධුරයේ පළමුව වැඩ භාර ගත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරයි.

ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔහු එහිදී සදහන් කළා.

එම අවස්ථාවට පසුගියදා ආණ්ඩුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා ද එක්ව සිටියා.

එමෙන්ම, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ද අද සිය අමාත්‍යාංශවල වැඩ භාර ගනු ලැබුවා.

මීට අමතරව, කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම් සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාද් බදියුර්දීන් ද අද ධුරයේ වැඩ භාර ගත්තා.