වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Friday, 21 December 2018 - 13:38

%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී ආගමන, විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 27 වන වියේ පසුවන පාකිස්ථාන සහ ඊජිප්තු ජාතිකයන් වන බවයි.

ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.