මවගේ අනියම් සැමියා, දුම්වැටිවලින් දරුවා පුළුස්සයි

Friday, 28 December 2018 - 11:17

%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92
වයස අවුරුදු එකයි මාස දහයක් පමණ දරුවෙකු මාස දෙකක් පුරා දුම්වැටිවලින් පුළුස්සා තුවාල සිදුකිරීමේ පුවතක් සියඹලාන්ඩුව - මුතුකණ්ඩි - පහේ කණුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

දරුවාගේ මවගේ අනියම් සැමියා විසින් බීමත්ව සිටියදී මෙලෙස දුම්වැටිවලින් දරුවා පුළුස්සා ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

දරුවාගේ පිටුපස කොන්ද පෙදෙස, කකුල් සහ රහස් ප්‍රදේශ මෙන්ම මුහුණ ද විටින් විට පිළිස්සීම හේතුවෙන් ශරීරය පුරා තුවාල සිදුව තිබෙනවා.

එලෙස පිළිස්සුම් තුවාල සියයකට අධික ප්‍රමාණයක් දරුවාගේ සිරුරෙහි දක්නට ලැබෙන බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දරුවාගේ මවගේ අනියම් සැමියා ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, දරුවාගේ මව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රතිකාර සඳහා දරුවා සියඹලාන්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.