ජාතික ආණ්ඩුවක් ගැන පියසේන ගමගේ ඉඟි කරයි

Friday, 28 December 2018 - 13:41

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නව රජයේ තවත් කැබිනට් නොවන අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු අද දිනයේදි වැඩ භාර ගනු ලැබුවා.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස සුජිව සේනසිංහ වැඩ භාර ගත්තේ සෙත්සිරිපායේ පිිහිටි එම අමාත්‍යාංශයේදීයි.

එමෙන්ම, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් එඩ්වඩ් ගුණසේකර ද බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශයේදී වැඩ භාර ගනු ලැබුවා.

එම අවස්ථාවන් සදහා මැති ඇමතිවරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් ද එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ.

මේ අතර, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් පී.හැරිසන් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීම අද පෙරවරුවේ සිදුකෙරුණා.

මේ අතර, ඇමති ධුර නොලැබීම සම්බන්ධයෙන් නව ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් විවිධ ප්‍රකාශ සිදුකරමින් පවතිනවා.

කොස්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වීමෙන් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණ වලට පිලිතුරු ලබාදෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ කියා සිටියේ ඉදිරියේදී යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීම තුළින් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීමක් සිදුවනු ඇති බවයි.

නව රජයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් 3 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් 07 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙකු පසුගිය 22 දෙවන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙනු ලැබුවා.