කොළඹ සමාජශාලාවක සෝපානයක් කඩා වැටී රගර් ක්‍රීඩකයෙකු මියයයි

Saturday, 29 December 2018 - 7:35

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%BB%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ - නවම් මාවතේ පිහිටි රාත්‍රී සමාජශාලාවක විදුලි සෝපානයක් කඩාවැටීමෙන් මිය ගොස් ඇත්තේ ප්‍රකට රගර් ක්‍රීඩකයෙක්.

මාකෝ නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන කෝකිල සමන්ද පෙරුම නැමැති ඔහු සී.ආර්.ඇන්ඩ් එෆ් සී. රගර් කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරමින් සිටියා.

24 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම රගර් ක්‍රිඩකයා ඊයේ රාත්‍රීයේ නවම් මාවතේ මහල් ගොඩනැගිල්ලක 9 වන මහලේ පිහිටි ඇමියුසියම් නැමැති සමාජ ශාලාවට ගොස් තිබෙනවා.

පසුව ඔහු අද අළුයම නිවස බලා යාමට පැමිණි අවස්ථාෙවිදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් විදුලි සෝපානයේ ගමන් ගත් තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සෝපානය, පළමු මහලේ සිට බිම් මහලට කඩාවැටී ඇති ඇත්තේ එහි ප්‍රමාණය ඉක්මවා පිරිසක් ගමන් කිරිම හේතුවෙන්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම සෝපානයේ ප්‍රමිතිය පිළිබඳවද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් වාර්තාවක් කැඳවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් පොලිසිය මේ වන විට ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.