උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

Saturday, 29 December 2018 - 23:11

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 321,469 දෙනෙකු පෙනී සිටියා.

විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් අතුරින් 167,907 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.

එමෙන්ම මෙවර අපේක්ෂකයන් 119 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව එක් එක් විෂය ධාරාවන්ගෙන් දිවයිනේ පළමු දෙවන සහ තුන්වන ස්ථාන ලබාගත් සිසු සිසුවියන්ගේ නාම ලේඛණය ද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය ලැබී ඇත්තේ ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ කළනි සමුද්‍රා රාජපක්ෂටයි.

දෙවන ස්ථානය කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ රවිදු ශෂික ලැබී ඇති අතර ජීව විද්‍යා විෂය අංශයේ තුන්වන ස්ථානයට පත්වී ඇත්තේ මාතලේ සහිරා විද්‍යාලයේ රිස්මි හකීම් කරීම්.

භෞතික විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්වී ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධනයි.

එම විෂය ධාරාවේ දෙවන ස්ථානයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිදු සුරාන් ලියනගේ පත්වුනා. තුන්වන ස්ථානය ලැබී ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකරයි.

වාණිජ විෂය ධාරාවෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්වුනා.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උචිනි අයත්මා දෙවන ස්ථානයට පත්වු අතර තුන්වන ස්ථානය ලැබී ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ වීරකෝන් මුදියන්සේලාගේ මලිති ශිෂ්‍යාවටයි.

කලා අංශයෙන් පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ සෙනාදි දම්යා ද අල්විස් පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා.

කුරුණෑගල මලියදේව බාලිකා මහා විද්‍යාලයේ සිත්මි නිමාෂි දෙවන ස්ථානයට පත්වුනා.

කලා අංශයේ තුන්වන ස්ථානය ලැබී ඇත්තේ නිකවැරටිය මහසෙන් ජාතික පාසැලේ සෙෂාන් රංගන විජේකෝන්ටයි.

ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් පතිරත්න දිවයිනේ පළමු ස්ථානයට පත්වුනා.

දෙවන ස්ථානයට පත්වුයේ ද කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙක් වන අතර ඔහු තරිඳු හේෂාන්.

නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ සෙෂාන් රංගන විජේකෝන් තුන්වන ස්ථානයට පත්වුනා.

ජෛව පද්ධති  විෂය ධාරාවෙන් දිවයිනේ පළමු  ස්ථානයට පත්වී ඇත්තේ කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සඳුනි පියුමාෂා කොඩිප්පිලි යි.

සමන්තුරෙයි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ මොහිදින් බාවා රිෂා මොහොමඩ් දෙවන ස්ථානය ලබාගෙන තිබෙනවා.

තුන්වන ස්ථානයට පත්වී ඇත්තේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිඳු දිලෙන්ත ලක්මාල්.