මෙවර උසස් පෙළ ඉහළ ප්‍රතිඵල කොළඹින් සහ ගම්පහින්

Sunday, 30 December 2018 - 7:18

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
මෙවර උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලැබූ සිසු සිසුවියන් අතරින් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින්.

ඊයේ රාත්‍රියේ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වූ අතර, ඊට පෙනී සිටි අයදුම්කරුවන් තුන්ලක්ෂ 21,469ක් අතරින් එක්ලක්ෂ 67,960ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

මෙවර ප්‍රධාන විෂය ධාරා 6ක් යටතේ පැවති උසස් පෙළ විභාගයේ සිසුන් 119 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.

මේ අතර, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීම ලබන වසරේ ජනවාරි මස 16 වනදා අවසන් වන බවයි.

පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යවනු ලබන අතර, පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව පළ කරනු ලබන දැන්වීම අනුව සිය අයදුම්පත්‍රය සම්පූර්ණ කර එවිය යුතු වනවා.

ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය හිමි කර ගත්තේ ගම්පහ - රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලනි සමුදා රාජපක්ෂ සිසුවියයි.

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රවිඳු ශෂික එම විෂය ධාරාවේ දෙවන ස්ථානය ද මාතලේ සහිරා විද්‍යාලයේ එම්.ආර්.එම්. හකීම් කරීම් තුන් වන ස්ථානය ද හිමි කරගෙන තිබෙනවා.

භෞතික විද්‍යා විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්වුණේ කොළඹ විශාඛා විද්‍යාලයේ චතුනි හංසනී විජේගුණවර්ධනයි.

එම විෂය ධාරාවේ දෙවන ස්ථානය ගාල්ල - රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිදු සුරාන් ලියනගේ සිසුවාත්, තුන්වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිදු ජනිත් විජේසේකර සිසුවාත් හිමි කරගෙන තිබෙනවා.

මේ අතර, මෙවර උසස් පෙළ විභාගයේ වාණිජ විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේ කුරුණෑගල - මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න සිසුවායි.

ගම්පහ - රත්නාවලී බාලිකා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීර වාණිජ අංශයේ දෙවන ස්ථානය හිමි කර ගත් අතර, එම අංශයේ තුන් වන ස්ථානය හිමි කර ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්න ශිෂ්‍යාවයි.

පානදුර - ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාධි දම්යා ද අල්විස් සිසුවිය මෙවර කලා විෂය ධාරාවේ පළමු ස්ථානය හිමි කර ගත්තා.

එම විෂය ධාරාවේ දෙවන ස්ථානය කුරුණෑගල - මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහ සිසුවියත්, තුන් වන ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා පිටිගල සිසුවියත් හිමි කර ගත්තා.

මේ අතර, ඊයේ රාත්‍රියේ නිකුත් වූ උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම සහ දෙවන ස්ථාන යන ද්විත්වයම කොළඹ ආනන්ද විද්‍යාලයට හිමිව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව පළමු ස්ථානය පමුදිත යසස් පතිරත්න සිසුවාත්, තරිඳු හේෂාන් සිසුවා දෙවන ස්ථානයත් හිමි කර ගනිද්දී, එම විෂය ධාරාවේ තුන් වන ස්ථානය හිමි කර ගත්තේ නිකවැරටිය ජාතික පාසලේ ෂෙසාන් රංගන විජේකෝන් සිසුවායි.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථමස්ථානය කඹුරුපිටිය නාරාන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ සඳුනි පියුමාෂා කොඩිප්පිලි විසින් හිමිකරගෙන තිබෙනවා.

එම විෂය ධාරාවේ දෙවන ස්ථානය ලබා ගත්තේ සමන්තුරේ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ එම්.බී. රීෂා මොහොමඞ් සිසුවා විසින්.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිදු දිලෙන්ක ලක්මාල් සිසුවා මෙවර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.