ඩුබායි සයිමාගේ පාතාල ගෝලයෙකු මත්කුඩු හා අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

Tuesday, 01 January 2019 - 9:10

%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාතාල කල්ලි සාමාජිකයෙකු වන ඉහළගමගේ දර්ශන හෙවත් අයි.ඩී. නැමැත්තා පනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ඊයේ මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 60ක් ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

33 හැවිරිදි සැකකරු දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැකකෙරෙන ධනුෂ්ක තොටුවිල හෙවත් සයිමා නැමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙකු බව ද අනාවරණ වී තිබෙනවා.

එසේම මොහු රත්මලාන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සිංහාරගේ අමල් චමින්ද සිල්වා හෙවත් අංජු නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බව ද පොලීසිය අනාවරණ කරගෙන ඇති බව සඳහන්.

2016 වසරේ අගෝස්තු මස 27 වන දා පිළිමතලාව - නානුඔය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ද මොහු සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.

එසේම මෙම සැකකරු තවත් ඝාතන සහ අපරාධ වලට සම්බන්ධ දැයි ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඉදිරිපත් කළ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.