නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස මන්ත්‍රී දයාසිරි ජයසේකර පත්වෙයි

Thursday, 03 January 2019 - 22:00

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත්කිරීමට අද රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අද පස්වරු 7 ට පමණ ආරම්භ වුණේ කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී.

පැය 2 කට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි නිදහස් පක්ෂ නියෝජිතයින් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා.