‘චාලි’ මැරූ සැකකරුට ඇප

Saturday, 05 January 2019 - 19:14

%E2%80%98%E0%B6%A0%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E2%80%99+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
මීගමුව - කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි චාලි නැමැති සුනඛයා භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා.

ඒ, සැකකරු ඊයේ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මීට අදාළ නඩුව මේ මස 14 වන දා යළි විභාගයට ගන්නා බව මහේස්ත්‍රාත්වරිය එහිදී දැනුම් දුන්නා.

මීගමුව - පෙරියමුල්ල ප්‍රදේශයේ පෙරේදා අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරු ගස් කපන්නෙකු ලෙස රැකියාවේ නිරත අයෙකු බවයි පොලීසිය කියා සිටියේ.

මීගමුව - කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’ නැමති සුනඛයාට මෙලෙස භූමිතෙල් දමා ගිනි තබා තිබුණේ පසුගිය දෙසැම්බර් 31 වනදා අලූයම් කාලයේදියි.

මේ අතර, චාලි නැමති සුනඛයා ගිනි තබා ඝාතනය කිරීම ඇතුළු සිද්ධිවලට එරෙහිව සත්ත්ව හිංසනයට එරෙහි සංවිධාන කිහිපයක්, අරලියගහ මන්දිරය ඉදිරිපිට ඊයේ නිහඬ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.  

අනතුරුව එම පිරිස සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයට භාර දුන්නා.