සන්ධානය අයවැයෙන් පසු මහ ඡන්දයකට සැරසේ

Tuesday, 08 January 2019 - 7:58

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කිරීමට නියමිත අයවැය අවසන් වූ පසු මහමැතිවරණයක් ලබා ගැනීම සඳහා අරගල කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ (07) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති අතර, ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එක්ව සිටියා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ හැකි ඉක්මනින් මැතිවරණයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවට බලපෑම් එල්ල කරන බවයි.