නුවර නගරය මැද ගිනි ඇවිලුණු ගොඩනැගිල්ලේ ඉහළම මහලෙන් බිමට පැන පුද්ගලයින් දිවි ගලවා ගත් හැටි

Tuesday, 08 January 2019 - 10:29

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%B8+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%BD%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
මහනුවර - යටිනුවර වීථියේ පස් මහල් ගොඩනැගිල්ලක අද උදෑසන හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඬ පවත්වා තිබෙනවා.

ගින්නට හසුවූ එකම පවුලේ 5 දෙනෙකු බේරාගෙන ඇති අතර, ඔවුන් මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

මව, පියා සහ දරුවන් තුන් දෙනා ගින්න ඇති වන අවස්ථාවේදී 4 වන මහලේ රැදී සිට ඇති අතර, පසුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් මුදාගෙන රෝහල් ගත කර තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.