මෙවර අයවැයෙන් වතුකම්කරුවන්ගේ මුලික වැටුප ඉහළට

Wednesday, 13 February 2019 - 12:38

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉදිරි අය වැයෙන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට රුපියල් 50 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සදහන් කළේ මෙම දීමනාව වසරක කාලසීමාවක් සදහා පමණක් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් රජය නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජිතයින් පසුගිය දිනවල ප්‍රකාශ කළේ මෙවර සාමුහික ගිවිසුමට ඇතුළත් කර නොතිබූ රුපියල් 140 ක නිෂ්පාදන දීමනාව ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් රජයෙන් ඉවත් වන බවටයි.

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවමින් සංශෝධනය කල නව සාමුහික ගිවිසුමට පසුගිය ජනවාරි මස 28 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබුණේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ නංවන ලෙස රට පුරා විරෝධතා පැවැත්වෙමින්
තිබෙන අතරතුරයි.

කෙසේ වෙතත් පෙර පැවති රුපියල් 60 ක් වූ පැමිණීමේ දීමනාව හා රුපියල් 140 ක් වූ නිෂ්පාදන දීමනාව මෙවර වැටුප් වැඩිවීමට ඇතුළත් කර තිබුනේ නැහැ.

අනතුරුව මනෝ ගනේෂන් හා පලනි දිගම්බරන් යන අමාත්‍යවරුන් සදහන් කළේ රුපියල් 140 ක්ව පැවති අදාල නිෂ්පාදන දීමනාව නැවත වැටුපට එක් කිරීමට රජය කටයුතු නොකළහොත් තමන් ඇතුළු දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජිතයින් ආණ්ඩුවෙන් ඉවත්වන බවයි.

කෙසේ වෙතත්, වතු කම්කරු වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් වූ තවත් සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ කොළඹදී පැවැති අතරල ඊට දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සියලුම නියෝජිතයින් මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක හා කැබිනට් නොවන කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර යන
මහත්වරන් ද එක්ව සිටියා.

මේ අතර අද තේ මණ්ඩලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය නවීන් දිසානායක මහතා වතු කම්කරු දෛනික වැටුප සම්බන්ධයෙන් අදහස් පළ කළා.

රුපියල් 140 නිෂ්පාදන දීමනාව ලබා නොදුනහොත් ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවසූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය රුපියල් 50 නව දීමනාවට එකඟ වීම සම්බන්ධයෙන් අප එම සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගෙන් විමසා සිටියා.