කොච්චිකඩේ ප්‍රහාරයට පැමිණි වෑන් රථයේ, තවත් බෝම්බයක් පුපුරුවා හැරේ

Monday, 22 April 2019 - 16:11

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%9A%2C+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A
කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි පුද්ගලයින් ගමන් ගත් බවට සැක කෙරන වෑන් රථයයක් අද පස්වරුවේ ආරක්ෂක අංශ මගින් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.

එහි ගෑස් සිලින්ඩර් 3 ක පුපුරණ ද්‍රව්‍ය තිබූ බවයි පොලිස් නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පසුව එය නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් කටයුතු කර තිබෙනවා.

පිටකොටුව - බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී පුපුරණද්‍රව්‍ය තොගයක් ද අද දහවල් සොයා ගැණුනා.

බස් නැවතුමිපළේ තිබී ඩෙටනේටර් 12ක් සොයා ගත් අතර පසුව සිදුකළ පරීක්ෂාවේදි ඒ අසළ කසල බැහැර කරන බෑගයක තිබී ඩෙටනේටර් 87ක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.