අත්අඩංගුවට ගත් කිරිඇල්ලගේ, කාර්ය මණ්ඩල සේවකයන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

Saturday, 04 May 2019 - 7:19

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A%2C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ජනාධිපතිවරයා අපකීර්තියට පත්වන අයුරින් සහ රාජ්‍ය විරෝධී මෙන්ම ජාතීන් අතර අසමගිය ඇතිවන වචන ඇතුළත් ලිපි 639 ක් සමඟ අත්අඩංගුවට ගත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සේවකයන් තුන්දෙනාගෙන් තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කරනවා.

මේ අතර, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ තිබී අපහාසාත්මක ලිපි මුද්‍රණය සඳහා යොදා ගත් බවට සැක කෙරෙන පරිගණක යන්ත්‍රයක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් පොලිස් භාරයට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 36 වන මහලේ පිහිටි එම අමාත්‍යාංශයේ කාර්යාලයකින් ඒවා සොයාගත් බවයි.

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි මෙම පුද්ගලයන් ලිපි තොගය තැපැල් කිරීමට පෙරේදා රාත්‍රියේ උත්සාහ කිරීමේදී ඒ පිළිබදව සැක මතුවීම හේතුවෙන් අදාළ ලිපි පොලීසිය විසින් විවෘත කර තිබෙනවා.

එහිදී අනාවරණ වුණේ ජනාධිපතිවරයාට අපකීර්තියක් වන සහ ජාතික අසමගියට හේතු වන  කරුණු මෙම ලිපිවල අඩංගු බවයි. ඒ අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ.