සී - ෆෝ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12ක් සහ කාලවිරාම පරිපථ 06ක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

Saturday, 04 May 2019 - 8:18

%E0%B7%83%E0%B7%93+-+%E0%B7%86%E0%B7%9D+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+12%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AE+06%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මන්නාරම - ශාන්තිපුරම් ප්‍රදේශයේ ඊයේ (03) සිදුකළ වැටලීමකදී සී - ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12ක් සහ කාලවිරාම පරිපථ 06ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි මාධ්‍ය ඒකකය සඳහන් කළේ අත්අඩංගුවට ගත් කාල විරාම පරිපථ 06 එම ස්ථානයේදීම විනාශ කළ බවයි.

මේ අතර, ජහුෆික් ජහමාත් උල්ලා සංවිධානයේ දේශන ඇතුළත් සී.ඩී, 20ක් සමඟ පුද්ගලයෙකු අංකුඹුර - ගල්හින්න ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු කොළඹ ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ බවට ද සැක කෙරෙනවා.

එමෙන්ම හොරණ ප්‍රදේශයේ වෙළදසැලක යුද හමුදා නිළ ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.