නීතිවිරෝධී ලෙස තබාගෙන සිටින කඩු, කිනිසි, උල්පිහි අද සහ හෙට ළගම පොලීසියට භාර දෙන්නැයි දැනුම්දීමක්

Saturday, 04 May 2019 - 15:34

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%2C+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92%2C+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%85%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නීතිවිරෝධී ලෙස ළඟ තබා සිටින කඩු, කිනිසි සහ උල් පිහි අද සහ හෙට දිනය තුල ළඟම පොලිස් ස්ථානය වෙත භාර දෙන්නැයි ජනතාව වෙත පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නීත්‍යානුකූල හේතුවක් ඉදිරිපත් කළ හැකි පිහි සම්බන්ධයෙන් මෙය අදාළ නොවන බවයි.

මීට අදාළ උපදෙස් මේ වනවිටත් පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බව ද ඔහු කියා සිටියා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ පසුගිය දිනවල ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී ද අන්තරායකර ආයුධ රැසක් සොයාගත් බවයි.

එමෙන්ම යුධ හමුදා කැලෑ ඇඳුම් සහ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තිබේ නම් ඒවා ද අද සහ හෙට පොලිස් ස්ථාන වෙත ගෙනැවිත් භාරදීමට හැකියාව පවතිනවා.

මේ අතර පසුගිය 21වනදා සිදුවු පිපිරීම්වලින් මියගිය මෙතෙක් හඳුනා නොගත් මෘත ශරීර කොටස් 56ක් මේවන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව පොලිසිය ඉල්ලා සිටින්නේ අදාළ පිපිරීම් සිදුවූ දිනයේ එම ප්‍රදේශවලට පැමිණි කිසියම් පුද්ගලයෙක් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති නම් ඒ පිළිබඳ ළගම පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙසටයි.

එවිට ළගම ඥාතීන් ගෙන්වා ඩී.එන්.ඒ පරීක්ෂාවකින් පසු එම මෘත ශරීර කොටස්වල අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකිවනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සමාජ මාධ්‍ය තුල තවදුරටත් අසත්‍ය කරුණු ප්‍රචාරය වන ආකාරය නිරීක්ෂණය වී ඇති බවයි.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කතාවන ආකාරයේ ව්‍යාජ හඩ පටයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වන අතර එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි රුවන් ගුණසේකර මහතා කියාසිටියේ.

එම දෙබස ව්‍යාජ ලෙසට සකස් කර සමාජ මාධ්‍යයට නිකුත් කළේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශණ සිදුකරන බව ඔහු සඳහන් කළා.

මේ අතර අනිද්දා නව පාසල් වාරය ආරම්භ කිරීමට නියමිත අතර පාසල් සඳහා පූර්ණ ආරක්ෂාවක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ද පොලිසිය සකස් කර තිබෙනවා.

ඊට අදාළව සෑම පොලිස් ස්ථානයක් වෙතම අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

එමෙන්ම පොලිස් කොට්ඨාශ මට්ටමින් පාසල් අවට පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදුවන බව ඔහු සඳහන් කළා.  

කොළඹ ප්‍රදේශයේ පාසල් අවට පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් හෙට සිදු කිරීමට නියමිතයි.

මෙම පරීක්ෂා කිරීම හේතුවෙන් හෙට පස්වරු 1න් පසු කොළඹ පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින ලෙසට පොලිසිය ජනතාවට දැනුම්දෙනවා.

එමෙන්ම දිවයිනේ සියලුම පාසල් ද ආරම්භයෙන් පසු පාසල් අවට වාහන  නතර කර තැබීමෙන් වළකින ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

කොළඹ නගරයේ පාසල්වලට පැමිණෙන ළමුන් ප්‍රවාහන වෑන් රථ මෙන්ම බස් රථ නතර කර තැබීම සඳහා වෙනම ක්‍රීඩාංගණ සහ රථ ගාල් සැලසුම්කර තිබෙන බව ද පොලිසිය සඳහන් කළා.