ලබන සඳුදා ආරම්භ කෙරෙන්නේ 6 ශ්‍රේණියේ සිට ඉහළ පංති පමණක් බව රජය කියයි

Saturday, 04 May 2019 - 20:09

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+6+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B6%82%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලබන සඳුදා (06) දෙවන වාරය සඳහා ආරම්භ කරනු ලබන්නේ 6වන ශ්‍රේණියේ සිට ඉහළ පංති සඳහා පමණක් බව රජය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සිසු දරු දැරියන්ගේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරනු ලබන්නේ ලබන 13 වන සඳුදා බවයි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට රජය විසින් විශේෂ ආරක්ෂක සැලසුමක් ක්‍රියාවට නංවා ඇති අතර එම සැලසුමේ එක් පියවරක් ලෙසට මෙලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරෙන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලා.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ලබන 6 වැනිදා පාසල් විවෘත කිරීමට ගත් තීරණය තම පෞද්ගලික තීරණයක් නොව, රජය සහ ආරක්ෂක අංශ එක්ව ඇති කරගත් එකඟතාවක් මත ගත් තීරණයක් බවයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කුලියාපිටියේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මේ අතර, දිවයින පුරා පාසල් ආශ්‍රිතව සෝදිසි කිරීමේ මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති අතර, ඊට පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව ද යොදවා තිබෙනවා.

මහනුවර පාසල්ල පාසල් දරුවන් සුරැකීමේ දෙමාපිය, ආදි සිසු එකමුතුව තීරණය කර ඇත්තේල ලබන 6 වනදා සිසු සිසුවියන් පාසල් නොයැවීමටයි.

පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන බස්නාහිර පළාතේ සියලු කතෝලික පෞද්ගලික පාසල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙසල කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද පසුගිය 2 වැනිදා නිවේදනය කළා.