මාකඳුරේ මධුෂ්, ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරේ - කටුනායකදී CID භාරයට

Sunday, 05 May 2019 - 5:52

%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%82%E0%B7%8A%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+CID+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ඩුබායි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කළ පාතාල නායක මාකඳුරේ මධුෂ් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.

මෙරට සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුලූ දරුණු අපරාධ රැසකට සම්බන්ධ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් අද අලූයම 5 ට පමණ කටුනායක ගුවන් තොටුපලේදී මෙලෙස පොලිස් භාරයට ගැනුනා.

ඔහු ඩුබායි සිට මෙරටට පිටුවහල් කෙරුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන්.

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ ඩැනී හිත්තැටිය ඝාතනය මාකඳුරේ මධුෂ්ට මුලින්ම එල්ලවූ චෝදනාව වන අතර ඉන් අනතුරුව පාතාල ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවුණා.

ඒ අතර මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම, දරුණු ගනයේ කොල්ලකෑම්, පැහැරගැනීම්ද වනවා.

මෑත කාලීනව මාකඳුරේ මධුෂ් පිළිබඳ වැඩිම අවධානය යොමුවූයේ කළුතර - එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයං ඇතුලූ පාතාල සාමාජිකයින් පස්දෙනෙකු, බන්ධනාගාර නිලධාරියෙකු  ඇතුලූ හත්දෙනෙකු ඝාතනය කිරීමයි.

එය ඩුබායි හි සිට මාකඳුරේ මධුෂ් මෙහෙයවා තිබූ අතර, මෙරට තවත් පාතාල නායකයෙකු ලෙස සැළකෙන අංගොඩ ලොක්කා ඊට සහයෝගය ලබාදී තිබුණා.

ඩුබායි හි සාදයකදී පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලූ 31 දෙනෙකු අත්අඩංගුවට පත්වුයේ පසුගිය පෙබරවාරි 5 වනදායි. අත්අඩංගුවට පත්වූ පිරිස අතර ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්, ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රූයන් ද සිටියා.

මෙම පිරිස ඩුබායි හිදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව දිවයින පුරා විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලැබුවා.

එම මෙහෙයුමේදී මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ තවත් පාතාල නායකයන් 15 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනුනා.

මෙවැනි පසුබිමක් තුළදී   ඩුබායි හිදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

මෙම පෙත්සම ගොනුකර තිබුණේ මාකඳුරේ මධූෂ්ගේ සූරියවැව පදිංචි පුංචි අම්මා වන ඒ.ඩබ්ලිව්. ශ්‍රියාණි විසින්.

අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් නීති උපදෙස් ලබාදීමට මෙරටින් නීතීඥයන් දෙදෙනෙකුද මෙම කාලසීමාව තුළ ඩුබායි වෙත පිටත්ව ගොස් තිබුණා.

විදේශ අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව අත්අඩංගුවේ සිටි මධුෂ්, කංජිපානි ඉම්රාන් ඇතුලූ පාතාලයේ ප්‍රබලයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජතාන්ත්‍රික මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළා.

ඩුබායි හි නීති කටයුතු අවසන් වීමෙන් පසු මාකඳුරේ මධුෂ් හැර අත්අඩංගුවේ පසුවූ සෙසු සැකකරුවන් 30 දෙනා පසුගිය සතිය වනවිට මෙරටට පිටුවහල් කෙරුණා.

මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට එවීම ප්‍රමාදවූයේ පිටුවහල් කිරීමට එරෙහිව ඔහු විසින් ඩුබායි අධිකරණයේ ගොනුකළ අභියාචනයක් හේතුවෙන්.



 


රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More