ජාවත්තට ඉහළ අහසේ ඩ්‍රෝන යානාවකට පොලිසියෙන් වෙඩි

Sunday, 05 May 2019 - 6:45

%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
කොළඹ - ජාවත්ත ප්‍රදේශයට ඉහලින් අනවසරයෙන් ගුවන්ගත කර තිබූ ඩ්‍රෝන යානාවකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම ඩ්‍රෝන යානාව ඉහල අහසේ ගමන් කරන බවට ලැබුණු තොරතුරකට අනුව නාරාහේන්පිට පොලිසිය ඒ පිළිබඳව නිරීක්ෂණය කර  ඇති අතර, එහිදී එම යානයට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, යානය නොනවත්වා බම්බලපිටිය ප්‍රදේශයට ගොස් ඇති අතර, පොලිසිය ඒ දක්වා ලූහුබැඳ ගොස් තිබෙනවා.

පසුව එය මුහුද දෙසට ගමන් කර ඇති අතර, පසුව ඒ පිළිබඳව පොලිසිය ගුවන් හමුදාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

පසුගිය 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන  ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම තාවකාලිකව තහනම් කිරීමටයි ආරක්ෂක අංශ පියවර ගත්තේ.