පාස්කු ඉරිදා ප්‍රහාරයට විදෙස් ගතවූ ප්‍රබලයෙක් අල්ලන්න පරීක්ෂණ

Sunday, 05 May 2019 - 12:45

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
පාස්කු ඉරිදා එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ තවත් ප්‍රබල සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට ලැබී ඇති බුද්ධි අංශ වාර්තාවලට අනුව ඔහු මක්කම වන්දනාවට ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මෙම ප්‍රහාරයෙන් පසු අදාළ සැකකරු මෙලෙස විදෙස් ගතවී ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සැළසුම් කළ ප්‍රබලතම පුද්ගලයන් අටදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් අඛණ්ඩව සිදුවන බවයි වාර්තාවන්නේ.  

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සෙනසුරාදා සහ ඉරිදා දිනවල සිදුකෙරෙන දේව මෙහෙයන් මේ සතියේදීත් නොපැවැත්වීමට තීරණය කිරීමෙන් අනතුරුව කොළඹ අගරදගුරු මැදුරේ දී විශේෂ දේව මෙහෙයක් අද සිදු කෙරුණා.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මහනුවර - අලවතුගොඩ - මාරකොන ජනපදය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මේ අතර මුන්දලම - කනමුල්ල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ආයුධ තොගයක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙහිදී කඩු 2 ක්, ගුවන්යානා නාශක උණ්ඩයක්, සුදු යකඩ පිහි 10 ක් සහ අංක තහඩුවක් සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

එමෙන්ම ත්‍රිකුණාමලය, සාම්පූර් අර්ෆා නගර් ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නිවසක තිබූ හිමිකම තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන නොමැති  යතුරුපැදියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම මීගහතැන්න - ගොරකදුව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර නීති බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකින් අනතුරුවයි අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියට අමතරව මිලිමීටර 9 ජීව උණ්ඩ දෙකක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පිටිගල ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු වයස අවුරුදු 32 ක් පමණ වන, සේවය අතහැර ගොස් ඇති හමුදා සෙබලෙක් බවයි පොලීසිය සඳහන් කළේ.