පාසල් ආරම්භය පමා කරන්නැයි, අස්ගිරි මහනාහිමි රජයෙන් ඉල්ලයි

Sunday, 05 May 2019 - 17:35

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA+%E0%B6%B4%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ආරක්ෂාව තහවුරු වන තෙක් පාසල් විවෘත කිරීම තවත් සති කිහිපයකින් පමණ කල් දමන්නැයි අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර අද (05) දිනයේදී දිවයින පුරා පාසල් සහ පාසල් අවට විශේෂ මෙහෙයුමක් සිදුකිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබුවා.

ඒ, 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිසුන්ගේ දෙවන පාසල් වාරය සඳහා අධ්‍යයන කටයුතු හෙට (06) සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වූ සිසුන් සඳහා දෙවන පාසල් වාරය ආරම්භ කිරීම සිදුවන්නේ මැයි මස 13 වනදා සඳුදායි.

එමෙන්ම, පාසල් ළමයින් ප්‍රවාහනය කරන රථ වාහන ගාල් කිරීම සඳහා වෙන් වූ ස්ථාන හඳුන්වා දීමටයි රජය කටයුතු කර ඇත්තේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මීට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කළේ පාසලේ ආරක්ෂාව සඳහා එක් පොලිස් නිලධාරියෙකු බැගින් යොදවන බවයි.

කෙසේ වෙතත්, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ පාසල් ආරම්භ කිරීම තවත් සති කිහිපයකින් පමණ කල් දැමිය යුතු බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරුන් බැහැ දුටු අතර එම අවස්ථාවේදී හෙට (06) දිනයේදී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ද කරුණු දක්වා සිටියා.

මේ අතර, හෙට (06) දිනයේදී පාසල් ආරම්භ කිරීම පිළිබදව ඇඹිලිපිටිය - සෙවනගල මහා විද්‍යාලයේදී අද රැස්වීමක් පැවැත්වුණා.

ඊට විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, පොලීසිය සහ දෙමව්පියන් එක්ව සිටි අතර ඉන් අනතුරුව දෙමව්පියන් කිහිප දෙනෙකු කියා සිටියේ දරුවන්ගේ ආරක්ෂාවට මුල් තැන දිය යුතු බවයි.