බෝම්බ නිෂ්පාදකයා, කටුවාපිටිය ප්‍රහාරකයා බව හෙළිවේ - බෝම්බ සැදූ නිවාස දෙකත් හමුවේ

Sunday, 05 May 2019 - 19:04

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B7%83%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
පාස්කු ඉරුදින ප්‍රහාරයට යොදා ගත් බෝම්බ සකස් කර ඇත්තේ පානදුර - සරික්කමුල්ල පාරේ නිවසකදී සහ වත්තල - එඬේරමුල්ල ප්‍රදේශයේ නිවසකදී බව මේ වන විට අනාවරණ වී තිබෙනවා.

පරීක්ෂණ මෙහෙය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීම සිදුකර ගත් ආචි මොහොමඩ් මොහොම්මද් හස්තූම් නැමති පුද්ගලයා එම සියළු බෝම්බ නිපදවීම සිදුකර ඇති බවයි.

ඒ සඳහා රෙදි සෝදන යන්ත්‍රවල ස්වයංක්‍රීය කාල විරාම පරිපථ යොදාගෙන ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ අයි.එස් සංවිධානයේ මෙරට නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව තහවුරු වී ඇති බවයි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

මේ අතර, පාලම් ආශ්‍රිතව කිසියම් පිපිරීමක් සිදුකළ හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ලිපියෙහි ඇතුළත් තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

එමෙන්ම, පාසල් තුළ සහ අවට ආරක්ෂාව තර කිරීමට මේ වන විටත් පියවර ගෙන අවසන් බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ දියත් කර ඇති සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

නුගේගොඩ කොට්ඨාශ බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව ආරක්ෂක අංශ පිටකෝට්ටේ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළා.

එහිදී දෙමහල් නිවසක තිබී ජීව උණ්ඩ 193ක් සහ මෙරට භාවිතා නොකරන විවිධ වර්ගයේ ජීව උණ්ඩ 11ක් සොයා ගනු ලැබුවා.

මෙම භාණ්ඩ අතර එල්.ටී.ටී.ඊ. ත්‍රස්වාදීන් නිෂ්පාදනය කළ අරුල් 89 නැමති මෝටර් බෝම්බයක් ද ආරක්ෂක අංශ සොයා ගත් අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 70 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

මේ අතර, බේරුවල ප්‍රදේශයේ තවත් වැටලීමක් ක්‍රියාත්මක වුණේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබාදුන් තොරතුරකට අනුවයි.

මෙහිදී කඩු 16ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

හම්බන්තොට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මේ - වීදිය ප්‍රදේශයේ නිවසක තිබී යුද හමුදා නිළ ඇඳුම්වලට සමාන ඇඳුම් සහ වෝකි ටෝකි යන්ත්‍ර දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම අලුත්ගම - මොරගල්ල ප්‍රදේශයේ පොලිස් නිවාඩු නිකේතනයක් පිටුපස වෙරළ ආසන්නයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ අදාළ බෝම්බය නිශ්ක්‍රීය කළ අතර පොලීසිය පවසන්නේ මෙම නිවාඩු නිකේතනය ප්‍රභූවරුන් භාවිත කරන ස්ථානයක් බවයි.

මේ අතර, ඇඹිලිපිටිය - තෝරකොළයාය පොලිස් මුරපොළේ නිලධාරීන් පිරිසක් සිදුකළ පරීක්ෂාවකදී තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකුත් සමඟයි.

ඔවුන් සයින්දමරුදු සහ කල්මුණේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එකිනෙකට පරස්පර ප්‍රකාශ ලබාදීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ගමන් ගත් මෝටර් රථය කටුවාපිටිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් වන අතර, එය ද කුලී පදනම මත ලබාගෙන ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර තිබුණේ.

සැකකරුවන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.